මුෂ්ෆිකර් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තද බලන්නකො මුෂ්ෆිකර්ගේ නයාට අද වෙන්න යන දේ මෙන්න
නිදහස් කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රීලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ අවසන් පූර්ව තරගයක වෙස්‌ගෙන ඇති මෙම තරගයේ ජයග්‍රහණයට දෙපිලම ඊයේ 15 දා ප්‍රේමදාස පිටියේදී ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම්වල නිරත විය.
ශ්‍රී ලංකා පිල මෙන්ම බංග්ලාදේශ පිලද ඊයේ තුන් ඉරියව්වම මුවහත් කරගැනීමේ පුහුණු සැසියකට සහභාගි වියදෙපිලම දහවල් කාලයේ පුහුණුවීම්වල නිරත වෙමින් අද තරගය වෙනුවෙන් වැඩි කාලයක් ශාරීරික සුව පහසුව සඳහා වෙන්කර ගත්තේය.
සත්කාරක ප්‍රේක්‍ෂකයන් හමුවේ තීරණාත්මක තරගයේදී පීඩනය දරා ගැනීම කෙසේ වනු ඇති දැයි පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් විමසන ලදුව'අපිට කිසිම පීඩනයක් නැහැ. පළමු තරගයට ක්‍රීඩා කළ විදිහට තමයි මේ තරගයටත් ක්‍රීඩා කරන්නේ. අවසන් පූර්ව තරගයද අවසන් මහා තරගයද කියන එකද යන්න එතනදි වැදගත් නැහැ. අපි මේ තරගය ජය ගෙන අවසන් තරගයට යන්න හොඳ මානසික සූදානමකින් ඉන්නවා යනුවෙන් පැවසීය.
කණ්‌ඩායමේ සංයුතිය වෙනසක් විය යුතුය. එහිදී ශ්‍රී ලංකාවට පිතිකරුවකුගේ අඩුව ඉන්දියාව සමග පැවැති තරගයේදී තදින් දැනුණි. 'අපි කණ්‌ඩායමේ සංයුතිය තෝරන්නෙ තණ තීරුවට අනුව. මේ වගේ තණතීරුවක හොඳ ක්‍රිකට් ගහන්න පුළුවන්. පන්දු යවන්නන්ව උනත් යොදවන්නෙ තණතීරුවට අනුව. වේග පන්දු යවන්නන්ට මේ තණතීරුවකදී යමක් කළ හැකියි. ඒ වගේම පසුගිය කාලයේ අපි වැඩිය ලකුණු ගැහුව්වෙත් නැහැ කඩුලු ගත්තෙත් නැහැ. ඒ වගේම තමයි දිනුවෙත් නැහැ. නමුත් මේ තණතීරුවේදී ඒ සියල්ලම වෙනස් වෙලා තියෙනවා.' යෑයි හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය.
කාසියේ වාසිය තරගයේ තීරණයකට කිසිදු බලපෑමක් නොමැති බව ශ්‍රී ලංකා පුහුණුකරුවාගේ මතය වී තිබේ කාසියේ දෙපැත්තෙ වාසිය සහ අවාසිය කාට එයිද කියන්න බැහැ දෙපැත්තෙන් මොන පැත්ත ආවත් අපි ලෑස්‌තියි. කාටවත් කියන්න බැහැ අන්තිමට ගහපු අය දිනනවා කියලා බංග්ලාදේශය සහ ඉන්දියාව තරගය දිනුවෙ මුලින් ගහපු අය ඒ නිසා කාසියේ වාසිය හිතලා තරග දිනන්න බැහැ.
සිත් මාලිංග වැනි පන්දු යවන්නකු මෙවැනි තරගයකට ඉතාමත් වැදගත්ය නමුත් ඔහු සංචිතයේ නොමැත ඒ සම්බන්ධයෙන් පුහුණුකරුවා පවසා සිටියේ මාලිංග කියන්නෙ හොඳ පන්දු යවන්නෙක් තමයි නමුත් ඔහු මේ කණ්‌ඩායමේ නැහැ කණ්‌ඩායම නම් කළාට පස්‌සෙ ආයිත් ක්‍රීඩකයෙක්‌ටඑන්න පුළුවන් ඉන්න කෙනෙක්‌ව ආබාධයකට ලක් වුණොත් පමණයි යනුවෙනි.
අද තරගයේදී ධනංජය ද සිල්වාට කණ්‌ඩායමේ ස්‌ථානයක් හිමිවීමේ අවස්‌ථාවක් තිබුණද ඒ පිළිබඳව ඊයේ වනතුරුත් ශ්‍රී ලංකා පුහුණුකරු ඇතුළු කාර්ය මණ්‌ඩලය දෙගිඩියාවෙන් පසුවන අයුරක් දිස්‌විය. අවසන් මහා තරග බලාපොරොත්තු ඇතිව බංග්ලාදේශ කළමනාකාරිත්වය ඔවුන්ගේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකීබ් අල් හසන්වද කණ්‌ඩායමට කැඳවා තිබේ. ෂකීබ් ඊයේ රාත්‍රියේදී කණ්‌ඩායමට එකතුවූ අතර ඔහු බොහෝ දුරට අද තරගය ක්‍රීඩා කිරීමට නියමිතය 'ෂකීබ්ව අපි මුල සිටම බලාපොරොත්තු වුණා. නමුත් ඔහු අවශ්‍ය මොහොතේදී ගෙන්වා ගැනීමට හැකිවීම කණ්‌ඩායමට ශක්‌තියක්. ඔහු හොඳින්නම් මේ තරගය ක්‍රීඩා කරනවා ධාකාවලදී ඔහු පුහුණු සැසියකට සහභාගි වෙලා තියෙනවා' යෑයි කර්ට්‌නි වෝල්ෂ් පවසයි.
තරගය ඉතාමත් වැදගත් බවත් කණ්‌ඩායමේ දක්‍ෂතා එකට එකතු වුවහොත් අවසන් තරගයේ ස්‌ථානය ස්‌ථිර බවද වෝල්ෂ් වැඩිදුරටත් සඳහන් කර සිටියේයමේ තරගය අවසන් පූර්ව තරගයක්. ඉතාමත් වැදගත් තරගයක්. අපි තරගාවලියේ හොඳින් පන්දු යෑව්වා පිතිකරණයට වඩා. මේ තරගයේදී මේ දෙකම එකට එකතු වුණොත් අවසන් තරගයට යන්න පුළුවන්' යෑයි බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු කර්ට්‌නි වෝල්ෂ් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

Online Gaming & Casino | DrmCD
ReplyDeleteDiscover our casino 의정부 출장안마 games and try our games today! Enjoy our games in a classic and immersive way. Play with bonus 거제 출장안마 rounds and 청주 출장샵 earn points for How do online 경주 출장마사지 casinos work?Can 김제 출장샵 I win real money on gambling games?